පකිස්තානු සෙනෙහස සමඟ ගාල්ල වර්ණවත් කළ නිපොන් අනුග්‍රහය දුන් ගාලු රගර් සිරිය

Date:

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාල පිටිය ගෙවුනු 21 වන දා ශ්‍රී ලංකා රගර් වංශ කතාවේ කාන්තා දායකත්වයේ හෙට දවසට අලුත් පියවරක් තියන්න ඉඩ හසර සකස් කර දුන්නා.පකිස්තානු තානාපති කාර්යාලයේ මැදිහත්වීම සහ නිපොන් පේන්ට් ආයතනයේ අනුග්‍රහය සහිතව ක්‍රීයාත්මක වූ මේ රගර් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ පකිස්තානා මහ කොමසාරිස් මේජර්ජෙනරාල් උමාර් ෆාරුක් බර්කි.විශේෂ ආරාධිතයා ලෙස නිපොන් පේන්ට් නියෝජනය කරමින් එහි ප්‍රාදේශීය කළමණාකාර දුරොෂන් නාගහවත්ත එකතු වුණා.


තරගාවලියට අත්දැකිම් සහිත ගෙවුණු පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කළ ජාතික කණ්ඩායමට සම්බන්ධ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.අවසාන තරගයේදී සත් සාමාජික සටනේ ගාලු ගෞරවය ගාල්ල රගර් සම්මේලන කණ්ඩායම දිනා ගත්තා.ඒ අලුත් ක්‍රීඩාවන් ඉතා ඉක්මණින් ආකර්ශණය කර ගන්නා සහ දක්ෂයන් නිර්මාණය කරන විදු බිමක් බවට පත්ව තිබෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලිය කාන්තා රගර් කණ්ඩායමට එරෙහිව ලකුණු 55 – 0 ක් ලෙසයි.


පලිහ කුසලානය ගිංතොට රගර් සම්මේලන කණ්ඩායම ලකුණු 22 – 0 ලෙස අත් කර ගත්තේ හපුගල රගර් කණ්ඩායමට එරෙහිවයි.පළඟ කුසලානයේ ජය දෙබරවැව කණ්ඩායමට එරෙහිව රත්ගම කණ්ඩායම දිනා ගත්තේ 15 – 0 ලෙසයි.කණඩායම් 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සියයකට වැඩි පිරිසක් සහභාගි වූ මේ තරගාවලිය දකුණේ රගර් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් විමේ ආකර්ශණය ඇති කරමින් පවත්වන්නට හැකි වුණා.තරගාවලියේ දක්ෂතම ක්‍රිඩිකාව වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙන්ම හිටපු නායිකාවක්ද වන දුලානි පල්ලිකොන්දගේ යි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...