නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට එක් කෙරේ

හදිසි බිඳවැටීමකට ලක්ව අළුත්වැඩියා කරමින් පැවති නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයෙහි පළමු ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ඊයේ (26) පස්වරුවේ සිට ජාතික පද්ධතියට එක්ව ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ.

RN