Home PHOTO STORY මහ සිකුරාදා මුල්කරගනිමින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTOS)

මහ සිකුරාදා මුල්කරගනිමින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: මැදපෙරදිග යුද්ධය වහා අවසන් කරන ලෙස බල කරමින් අදට යෙදී තිබෙන මහ සිකුරාදා දිනය මුල්කරගනිමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක සංවිධානය කර තිබුණි.

අද වැනි දිනක මැදපෙරදිග දී කුරුසපත් වෙන ජේසුස් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින බවයි එහිදී අවධාරණය කෙරුණේ.

එදා සිදු වූ මහා වරද අද ද ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදුකරමින් සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

තෙල් සම්පතට කෑදරකමින් ඇමරිකාව විසින් සිදුකරන ජන සංහාරයන් වහා නවතා දමන ලෙසද එහිදී බල කෙරුණි.

එවැනි සහාසික ක්‍රියාවලියක දී සිටින ට්‍රම්ප් වෙනුවෙන් යදින කිතුණුවන් සිදුකරන්නේ ජේසුස් වහන්සේ පාවාදීමක් බවද ඔවුන් කියා සිටියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න