Home විදෙස් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඉරානයේ ගොඩනැගෙන මිනිස් පවුර!

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඉරානයේ ගොඩනැගෙන මිනිස් පවුර!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එක්සත් ජනපදයෙන් එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා ඉරානයේ විදුලි බලාගාර වටා “මිනිස් පවුරු” සාදා තිබෙන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.  

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද තර්ජනයෙන් පසු මෙලෙස ඉරාන වැසියන් සිය භූමියේ අනාගතය වෙනුවෙන් පවුරු සදමින් පසුවෙයි.

ඒ වෙනුවෙන් ඉරානයේ බලධාරීන් සිය ජනතාව දිරිමත් කරමින් පසුවෙන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth social ගිණුමේ ඊයේ සඳහන් කර තිබුණේ සඳහන් කර ඇත්තේ එරට වේලාවෙන් අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය වනු ඇති බවය.

ඒ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දුන් කාලය ඇමරිකාවේ වේලාවෙන්  ඊයේ රාත්‍රී 08.00ට අවසන් වන පසුබිමකය

කෙසේවෙතත් ඇමරිකාවේ තර්ජනය හමුවේ ඉරානය පසුබසින ආකාරයක් දක්නට නොලැබුණි.

“දීප්තිමත් හෙටක් සඳහා ඉරාන තරුණයින්ගේ මානව දාමය” ව්‍යාපාරය අද “රට පුරා” පැවති බව පවසමින් ඉරානයේ තරුණ හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා රහිමි සිය X හි ප්‍රකාශයක් පළ කර තිබුණි.

“මෙම ව්‍යාපාරය විසින්, රට පුරා සිටින තරුණයින් රටේ යටිතල පහසුකම්වලට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් යුද අපරාධයක් ලෙස සල්;සලකා තිබෙන  අතර මෙම ක්‍රියාවන් එකම හඬකින් හෙළා දැක තිබේ.

මේ අතර  ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් X සටහනක් තබමින් පවසා ඇත්තේ  “ඉරානය ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පූජා කිරීමට” මිලියන 14 ක් ඉරාන ජාතිකයන් අත්සන් කර ඇති බවයි.