ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:‘සැබෑ ගිවිසුම’ ‘සම්පූර්ණයෙන්ම අනුකූල වන’ තුරු එක්සත් ජනපද හමුදාව ඉරානය තුළ සහ ඒ අවට රැඳී සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහුගේ TruthSocial වේදිකාවේ සටහනක් තබමින් මේ බව අවධාරණය කර ඇත.
ඒ අනුව තවදුරටත් ඇමරිකානු නැව්, ගුවන් යානා සහ හමුදා නිලධාරීන්, අතිරේක පතොරම්, ආයුධ සහ දැනටමත් සැලකිය යුතු ලෙස පුහුණු බල ඇණිය සතුරෙකුට මාරාන්තික විනාශයක් ගෙන ඒම වෙනුවෙන් සූදානම් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
ගිවිසුම අනුගමනය නොකිරීම “ඉතා අසම්භාව්‍ය” බව ට්‍රම්ප් පැවසූ නමුත්, “කිසියම් හේතුවක් නිසා එය එසේ නොවේ නම්”, “වෙඩි තැබීම ආරම්භ වන්නේ, කිසිවෙකු මීට පෙර දැක නැති තරම් විශාල, වඩා හොඳ සහ ශක්තිමත්” ලෙස බවටද ඔහු අනතුරු අඟවයි.
ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි හිමි නොවිය යුතු බවටත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව පැවතිය යුතු බවටත් බොහෝ කලකට පෙර එකඟ වී ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් කියා සිටියි.


