ගෝඨාගමනයට සියලු කටයුතු සූදානම් – සාගර කාරියවසම්

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට යළි පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගියේ සුන්දර පරිසරයක නොවන බවත්, කෙසේ නමුත් ඔහු යළිත් මෙරටට පැමිණීමේදී යහපත් වාතාවරණයක් සකස් කිරීම රජයේ වගකීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

හිටපු ජනාධිපතිවරයෙකුට හිමි ආරක්ෂාව සහ පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිවිය යුතු බවත්, මේ වනවිට එම කටයුතු සියල්ලම පිළයෙල කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයක් මාලදිවයිනේ රැඳී සිටීමෙන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ සිංගප්පූරුවේ රැඳී සිටිමිනි. එරට රැඳී සිටීමට ලබාදුන් කාලසීමාව අවසන්වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා තායිලන්තය බලා පිටත්ව ගිය අතර මේ වනවිටත් ඔහු එරට රැඳී සිටී.

පසුගිය 24 වැනිදා ඔහු යළි ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් එය සති දෙකකින් පමණ ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බව වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිලන් හදවතට අස්වැසිල්ලක් වූ සුව අරණෙහි වසර දෙකක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...