*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සම්භාවනා සහ සම්බාහන

මේ දිනවල මලල ක්‍රීඩා පිටිවල සුගතදාසෙ බලධාරීන් මලල ක්‍රීඩා පුහුණුවට දක්වන කුඩම්මගේ සැළකිල්ල තරමටම කතාබහට ලක්වන දෙයක් තමයි සම්බාහනය ගැන.කේෂ්ත්‍රයේ සම්භාවනාවට පත් පුද්ගලයෙක් තමන්ගෙත් නොවන ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක්ව සම්බාහනයට උත්සාහ කිරීම තමයි මේ කතාවට හේතුව.ක්‍රීඩිකාවක්ව සම්බාහනය කරන කොට ඇයගේ පාද සහ සිරුර ස්පර්ශය වරදක් හැටියට දකින්නෙ නැති වුණත් ඒ සඳහා නියමිත පිරිස් සිටියදී ඇතැම් අය මේ ආකාරයට සම්බාහනය කිරීමට යාම සුදුසුද කියන ප්‍රශ්නය මතුවන්නෙ “සම්බාහනය” කියන්නෙ වෘත්තියක් වීම නිසයි.එවැනි වෘත්තියකට වෙනත් පිරිස් සිටියදී තමන්ගෙත් නොවන ක්‍රීඩිකාවක් ගැන උනන්දු වූ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු කේෂ්ත්‍රයේ දෙස් විදෙස් පැසසුම් සහිත සම්භාවනාවට පත් වූ පුද්ගලයෙක් වීම කණගාටුවට කරුණක් වන්නේ ඔහුගේම කීර්තියට ද ඉන් විශාල හානියක් සිඳු වි ඇති නිසයි.
නමුත් මේ කාරණාව සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේදී විශාල පුහුණුකරුවන් පිරිසක් තමන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බාහනය කිරීම සාමාන්‍ය තත්ත්වයක් වි ඇත්තේ ප්‍රමානවත් පරිදි සම්බාහකයන් නොමැති විම නිසාය කියන ගැටළුවත් මතු වෙනවා.එහෙත් සම්බාහකයන් සිටියදීත් එම රාජකාරිය ඔවුන් වෙතින් ඉටු කරවා නොගැනීම යම් වෘත්තියක් නොසළකා හැරිමක්.
තමන්ගේ ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ යම් ආබාධමය තත්ත්වයක් තිබියදී ඊට අවශ්‍යය වෛද්‍ය උපදෙස් ප්‍රකාරව සමබාහනය කිරීම වැදගත්.එහිදි වෛද්‍යවරයෙක්ගේ විශේෂ උපදෙස් යටතේ සම්බාහකයෙක්ම යොදවා ක්‍රියා කළ හැකිනම් වැදගත්.කෙසේ වුවත් සම්බාහකයන්ගේ වෘත්තීය දැණුම මෙන්ම ප්‍රමාණවත් ප්‍රමාණයක් නොසිටීම කියන කාරණය මඟ හැර යා නොහැකි තරමට ක්‍රීඩා කේෂ්ත්‍රය පුරාම දකින්නට තිබෙන දෙයක්.මේ තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තයෙන් වෛද්‍ය කේෂ්ත්‍රයේ නිලධාරීන් සමඟ සබඳතා පවත්වමින් ඒ අඩු පාඩු සකසා ගැනීමට අවශ්‍යය පුද්ගල අවශ්‍යයතාවය ඉටු කරවා ගැනීම මෙන්ම ක්‍රිඩකයාට සහ ක්‍රීඩිකාවට අවශ්‍යය සම්බාහනය සම්බන්ධ විශේෂ කරුණු ගැන දැනුවත්වීමත් නොකර තමන්ම තමන්ගේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සම්බාහනයට යාම වෘත්තියමය ලක්ෂණයක් නොවන බව කිව යුතුයි.
එසේම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් සම්බාහකයන්ගේ අවශ්‍යයතාව එතරම් සැළකිල්ලට ගන්නා කාරණයක් නොවන අතර ඇතැම් විදෙස් සංචාරවලදී මාධ්‍යකරුවෙක්ව සහභාගි වූ මේ ලියුම්කරුටද ක්‍රීඩකයන්ගේ සම්බාහන අවශ්‍යයතාව ඔවුන්ගේ උපදෙස් සහ ඉල්ලිම අනුව ඉටු කිරීමට සිඳු වි ඇත.අමාත්‍යංශයේ ක්‍රීඩා කරන ලද පිරිස් කෙතරම් සිටිය ද,ක්‍රීඩා නොකර අමාත්‍යංශය පාලනය කරන්න ඉහළ පුටුවලට පත්වෙන නිලධාරීන්ට මෙන්ම දේශපාලකයන්ට ද මෙවැනි අවශ්‍යයතා නොකියන්නේ,ඔවුන් තරග සංචාරයකදී සම්බාහකයාගේ අවශ්‍යයතාවයට දැන්වීමට වඩා තමන්ට නිරීක්ෂකයෙක් ලෙස සහභාගිවීමට ඉඩක් තිබේදැයි විමසිලිමත් වන නිසා බව ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රකට කියමනකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan