ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සමඟ ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් සමාගමේ දේශීය නියෝජිතයා අතර පැවති දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විශේෂ දැනුම් කිරීමක් කර තිබේ.

එහි සභාපති ජයන්ත රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විකෘති අදහසක් සමාජ ගත වෙමින් පවතින බවයි.

හදිසි ගල් අඟුරු සැපයුම හා අදාළ ටෙන්ඩර් පටිපාටිය මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියද නිසි පරිදි ක්‍රියාත්මක කර ඇති හෙයින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.