ඉන්දියාව පාන්පිටි අපනයනය අත්හිටුවයි – බේකරි කර්මාන්තය අනතුරේ

Date:

තිරිඟු පිටි අපනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් තිරිඟු පිටි නිෂ්පාදන කටයුතු අඩපන වී ඇති අතර මේ නිසා තමන් සතුව පවතින තිරිඟු පිටි තොග ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගැනීමටයි ඉන්දියාව තීරණය කර තිබෙන්නේ.

මෙම තත්වය මත ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර වී ඇති බවයි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙන්නේ.

රුසියා-යුක්රේන යුද උණුසුම හේතුවෙන් මේ වනවිට සමස්ත ලෝකය පුරා තිරිඟු පිටි අර්බුදයක් මතුව තිබේ. ලොවපුරා භාවිතා කරන තිරිඟු පිටිවලින් වැඩි ප්‍රතිශතයක් යුක්රේනය තුළ නිෂ්පාදනය කළ අතර යුද්ධය හේතුවෙන් තිරිඟු පිටි නිෂ්පාදනය සහ අපනයන කටයුතු අඩාල වී තිබේ.

තිරිඟු පිටි ආනයනකරුවන් පවසන්නේ ඉතා පහසුවෙන් ඉන්දියාව හරහා තිරිඟු පිටි ආනයනය කිරීමේ හැකියාව පැවති බවයි. මතුව ඇති තත්වය මත තුර්කියෙන් පමණක් තිරිඟු පිටි ආනයනය කිරීමට සිදුව ඇති අතර මේ නිසා රටතුළ පවති තිරිඟු පි‌ටි හිගය තවදුරටත් දරුණු වනු ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබූ අතර බේකරි හිමියන් පසුගියදා ප්‍රකාශ කළේ මෙම තත්වය මත පාන් රාත්තලක මිල අවම වශයෙන් රුපියල් 250 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...