ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී ඇත.

මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවත් ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍යකරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත අයෙකු බවත් ජනාධිපති මාධංශය පවසයි.

ඒ අනුව අපොන්සු මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, ආර්ථික පාලනය හා ජාතික සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් උපායමාර්ගික ප්‍රතිපත්ති මගපෙන්වීම් ලබා දී ඇත.

ලුනාව රෝමානු කතෝලික පාසලෙන් සහ මොරටුව උයන ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා, බ/කැප්පෙටිපොළ මහා විද්‍යාලයෙන් කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද, බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද සම්පූර්ණ කර ඇත.

ඔහු රුහුණ විශ්වවිද්‍යාලයෙන් (1994) භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. එසේම ජපානයේ IDEAS (Institute of Developing Economies Advanced School) වෙතින් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත.

ඔහුගේ රාජ්‍ය සේවා කාලය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සේවය කර ඇත.

ඊට අමතරව, ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) සැලසුම්කරණය හා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. තවද, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයෙහි (IHRA) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...