හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමන බවට ඉරානයෙන් ප්‍රකාශයක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය නැවත ආරම්භ කරන බව ඉරාන හමුදාව පවසයි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය, ඉරාන ශිෂ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සහ රාජ්‍ය විකාශන ආයතනය වන IRIB, IRGC ප්‍රකාශයක් උපුටා දක්වමින් කියා සිටියේ සමුද්‍ර සන්ධිය “පෙර තත්වයට” නැවත පැමිණෙන බවත්, සන්නද්ධ හමුදා එම ප්‍රදේශය පාලනය කරන බවත්ය.

මීට පෙර සමහර නැව් යාත්‍රා මෙම ජල මාර්ගය හරහා ගමන් කරන ආකාරය දුටුවද මෙම තීරණාත්මක නැව් මාර්ගය හරහා කොපමණ සමුද්‍ර ගමනාගමනය සිදු වී ඇත්ද යන්න පැහැදිලි නැති බව BBC ද වාර්තා කර තිබේ.

ඉරාන හමුදාව එක්සත් ජනපදයට “කොල්ලකෑම්” චෝදනා කරන අතර, එහි “ඊනියා අවහිර කිරීම” සමුද්‍ර මංකොල්ලයකට සමාන බව පවසයි. එක්සත් ජනපදය තම වරාය අවහිර කිරීම දිගටම කරගෙන ගියහොත් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය මීට පෙරද පැවසීය.

ඊයේ දිනයේදී ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ සටන් විරාමයේ ඉතිරි කාලය සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” වනු ඇති බවයි.

ඉන් ටික වෙලාවකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සමුද්‍ර සන්ධිය “සම්පූර්ණයෙන්ම විවෘතව ඇති අතර ව්‍යාපාර සඳහා සූදානම්” බවයි. නමුත් සාම ගිවිසුමකට එළඹෙන තෙක් ඉරාන වරායන් සඳහා එක්සත් ජනපදය අවහිර කිරීම දිගටම පවතිනු ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව තවදුරටත් වොෂින්ටනය සහ ටෙහෙරානය අට්‍ර්හ මත ගැටුම් පවතින බව පෙනෙන්නට ඇති අතර තත්ත්වය තවමත් ව්‍යාකූල ස්වභාවයක් ගනී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...