Home දේශපාලන පුවත් කටකතා අපි හෝදන්න ඕනෙ තැන හෝදන්න ඕනෙ. අපි දන්නවා ජයකොඩි සහෝදරයා වංචාවක් හොරකමක්...

අපි හෝදන්න ඕනෙ තැන හෝදන්න ඕනෙ. අපි දන්නවා ජයකොඩි සහෝදරයා වංචාවක් හොරකමක් කරලා නෑ – D සුරවීර

2009 වසරේ සිට ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීම යනු නැවත වතාවක් විපක්ෂයට සෙනසුරු දසාව උදාවීමක් බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවාන්ද සුරවීර පවසයි.

“අපි හෝදන්න ඕනෙ තැන හෝදන්න ඕනෙ. බලශක්ති ඇමතිතුමා, ජයකොඩි මැතිතුමා, ජයකොඩි සහෝදරයා සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රබන්ධයක් තමයි සුන්බුන් විපක්ෂය ගොඩනඟමින් තිබුණේ. මහා දැවැන්ත හොරකම වංචාව කියලා මේගොල්ලො ප්‍රබන්ධයක් ගොඩනැගුවා. කෝප් කමිටුව හරහා, පාර්ලිමේන්තුවේ විවාදයක් හරහා, විශ්වාසභංගයක් හරහා කරුණු ඉදිරිපත් කරන්න අපි ඒගොල්ලොන්ට අවස්ථාව ආණ්ඩු පක්ෂයක් විදියට ලබලා දුන්නා. ඒගොල්ලොන්ට ඒ කිසිදු තැනක ඒගොල්ලො ගොඩනගපු ප්‍රබන්ධයට කරුණු නෑ. මොකුත්ම නෑ. ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීම කියන්නෙ මම හිතනවා විපක්ෂයට නැවත හෙනහුරා ලැබුවා කියන එකට. ඒ වගේම අපි දන්නවා ජයකොඩි සහෝදරයා වංචාවක් හොරකමක් දූෂණයක් මේ ක්‍රියාවලිය ඇතුළේ සිද්ධ කරලා නෑ”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.