පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා – නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ 20.04.2026 දින නෙළුම් මාවතේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. මේ ආණ්ඩුව තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. එක පැත්තකින් කලින් පිල්ලෙයාන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්.විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද වෙනත් ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන්නේ.

ඒ වගේම අද සුරේශ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. තමන්ගේ දේශපාලන වේදිකාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපෙන් අහනවට වඩා ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕන ජේවීපී එකෙන් හරි ඊබ්‍රාහිම්ගෙන් අහන්න කියලා ඇයි පුතාලා දෙන්න එහෙම කරේ කියලා.

දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොලකරුවෙක් ඉන්නවා රාජපක්ෂලා කියල කියනවනේ ඉතින් ඊබ්‍රහම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ. ජාතික ලැයිස්තුවේ හිටියනේ ජේවීපී එකට වියදම් කරානේ තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියන්ට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ“

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...