ඇමරිකානු කම්කරු ලේකම් Lori Chavez ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු කම්කරු ලේකම් ලෝරි චාවේස්-ඩෙරීමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ වෙනුවට කීත් සොන්ඩර්ලින් වැඩබලන ලේකම්වරයා ලෙස පත්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑත කාලීනව ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ තෙවන කාන්තා නිලධාරිනිය ඇය වන අතර, ඇයගේ නික්මයාමට හේතුව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඇයට එරෙහිව එල්ල වී ඇති විනය විරෝධී චෝදනා පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

ඇය වෘත්තීය සමිතිවලට හිතවාදී ස්ථාවරයක සිටියද, අවසානයේදී රජයේ නියාමන විරෝධී ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ බව සඳහන් වේ.

මීට පෙරද රැකියා දත්ත සම්බන්ධ ගැටලුවක් මත සිදුවූ BLS අධ්‍යක්ෂවරියගේ නෙරපා හැරීම ඇතුළු පරිපාලනයේ අභ්‍යන්තර වෙනස්කම් කිහිපයක්ද වාර්තා විය . මෙමගින් වත්මන් ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ගැටුම් මැනවින් නිරූපණය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...