අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ගවලින් මිලියන 536 ඉක්මවූ ආදායමක් – ලබන වසරට අලුත් සැලසුම් දැන්ම එයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අලුත් අවුරුදු සමය තුළ එනම් පසුගිය 10 වැනිදා සිට 20 වැනිදා කාලය තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන පන්සීය තිස් හය ඉක්මවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ලබන වසරේ සිට අධිවේගී මාර්ගවලට ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති සකස් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

උක්ත කාලය තුළ අධිවේගී මාර්ගවල වාහන දාහතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ධාවනය කර ඇති බවද සඳහන්.

ඒ අනුව මෙවර අධිවේගී මාර්ගවලින් ලැබූ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 15%ක වර්ධාන්යක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

ලබන වසරේ මාර්තු වන විට පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසත් ලබන වසර අවසන් වන විට කඩවත මීරිගම කොටසත් අවසන් කිරීමට නියමිත අතර ඒත සමගම මුදල් හුවමාරුව අවම කර ස්වයංක්‍රීයව මුදල් ගෙවීමේ ක්‍රමයක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පවසයි.