මහා භාණ්ඩාගාරයේ ඩොලර් ඉස්සිල්ල – හැකර්ලා ගහපු ගේම් එක ගැන මුදල් ලේකම් කතා කරයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

LNW කොළඹ: මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වංචා කිරීමේ සිදුවීම පිළිබඳ මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

එය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් අමාත්‍යාංශ ලේකම්වරයාත් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු තැනට විපක්ෂයේ විරෝධය එල්ල වෙමින් පවතියි.

ඒ අනුව මෙම සයිබර් මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් අද (23) මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කිරීමක් කරන ලදී.

පසුගිය ජනවාරි මාසයේදී සයිබර් අපරාධකරුවන් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය වෙත ඇතුල් වීමට කර තිබූ උත්සාහය සම්බන්ධයෙන් හදුනා ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද විමර්ශනයෙන් මේ වන විට ප්‍රස්තුත වී තිබෙන පසුගිය දෙසැම්බර් මාසයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව හදුනා ගෙන තිබේ.

කෙසේවෙතත් මෙම සිදුවීම් දැනගත් වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ අංශය වෙත අදාළ දැනුවත් කිරීම සිදුකර එම විමර්ශන සඳහා සද්භාවයෙන් කටයුතු කළ බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගෙන ඇති එම ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සහා කරන බවද හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට අදාළව විනය ක්‍රියාමර්ග ද සිදුවෙමින් පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...