හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීන බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කර තිබේ.

ඒ අනුව, ඉරානය හා ඇමරිකාව අතර අතතින් ඉහල යාමත් සමඟ ඉරානයේ චීන විදේශ අමාත්‍යාංශය සහ තානාපති කාර්යාලය චීන ජාතිකයන්ට මෙලෙස උපදෙස් දී ඇත.

මෙවන් විට එක්සත් ජනපදය විසින් ප්‍රහාරක කණ්ඩායම්, දියුණු ප්‍රහාරක ගුවන් යානා සහ අතිරේක නාවික වත්කම් ඇතුළුව මැද පෙරදිග සහ ඒ අවට දැනටමත් ස්ථානගත කර ඇති සැලකිය යුතු එක්සත් ජනපද හමුදා යොදවා ඇති අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, අපට තිබිය යුතු දේ අපට ලබා දීමට ඔවුන් අකමැතිවීම පිලිබඳ තමා අසතුටු වන බවයි.

අප්‍රේල් මස 11-12 පකිස්ථානයේ ඉස්ලාමාබාද් පැවති සාම සාකච්ජා දෙපාර්ශවය අතර ඇති වූ ප්‍රබල එකඟ නොවීම් හේතුවෙන් අසාර්ථක වූ අතර මේවන ඉරාන වරායන්ගෙන් පිටවන හා ඉරානයට පැමිණෙන සියලු නවුකා එක්සත් ජනපදය අවහිර කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හොමුස් සමුද්‍ර සන්ධිය වසාදමා දමා ඇත.