APK බැංකු මංකොල්ලය: ඩිජිටල් ආරක්ෂණ උපදෙස් පද්ධතිය ගැන දැනුවත්ද?

රෂිකා හෙන්නායක අප්‍රේල් 25, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් Android (apk) ගොනු භාවිත කරමින් සිදුකරන නවතම ඩිජිටල් බැංකු මංකොල්ලයක් පිළිබඳව මහජනතාව දැනුවත් කරයි.

මෙහිදී වංචාකරුවන් විසින් මංගල ආරාධනා පත්‍ර හෝ විදුලි බිල්පත් ලෙස වෙස්ගන්වන ලද අන්තරායකර මෘදුකාංග WhatsApp සහ Telegram හරහා එවන අතර, ඒවා ස්ථාපනය කිරීමෙන් ඔබගේ ජංගම දුරකථනයේ පාලනය සම්පූර්ණයෙන්ම හැකර්වරුන් සතු වේ.

මෙලෙස දුරකථනයට ඇතුළු වන ජාවාරම්කරුවන්ට ඔබගේ SMS පණිවිඩ සහ OTP කේත රහසිගතව කියවා බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීමට හැකියාව පවතී.

මෙම අවදානමෙන් මිදීම සඳහා නාඳුනන ගොනු බාගත කිරීමෙන් වැළකී සිටිය යුතු අතර, සෑමවිටම නිල යෙදුම් (App Stores) පමණක් භාවිතා කරන ලෙස පොලිසිය අවධාරණය කරයි.

යම් හෙයකින් මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම බැංකු ගිණුම් අත්හිටුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම අත්‍යාවශ්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...