ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:රාජ්ය මුදල් අවභාවිතා කර ලන්ඩන් වෙත පෞද්ගලික සංචාරයක් සොදුඅක්ර ඇති බවට චෝදනා කරමින් රාජ්ය මුදල් අවභාවිතා කිරීම යටතේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්රගතිය ජුලි මස 8 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කළේය.
එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දෙන ලදී.
මේ අතර මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ මහත්මිය නම් කරනවාදැයි අධ්යයනය කරමින් සිටින බවද දිලීප පිරිස් මහතා කරුණු දක්වා ඇත.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෛත්රී වික්රමසිංහ මහත්මියගෙන්ද සාක්ෂි සටහන් කර ගෙන තිබුණි.


