300 ට පාන් කන්න සුද්දෝ එයිද මෙහේ ? 70 ට බිත්තරේ කන්න මෙහේ එයිද උන් ? – ලාල්කාන්ත

Date:

මේ රටේ සමාජය අවුල් වී ඇති බැවින් මෙරටට විදේශිකයින් නොපැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“සමාජය අස්ථාවර තැනකට විදේශිකයො යන්නෙ නෑ. බෙහෙතකට හොයාගන්න අමාරු තත්වයක් තියෙන්නෙ, එන්නෙ නෑ. ඇයි එන්නෙ නැත්තෙ ? අපේ රටේ සමාජය කැළඹිලා. සමාජය අවුල්. ‍ඊයෙ බිත්තරේ ගාණ නෙවෙයි අද. මුදලාලිටත් බිත්තරේ ගාණ මතක නෑ. මුදලාලිත් අර බිල අරගෙන තමයි බිත්තරේ කීයද කියලා කියන්නෙ. පාන් රාත්තල කීයද දැන් ? 300 යි. සුද්දො එයිද 300ට පාන් කන්න මෙහෙ ? යනවානෙ යකෝ මාලදිවයිනේ. මෙහෙ එන්නෙ මොකටද ? රුපියල් 65 – 70 ට බිත්තරයක් කන්න මෙහෙ එන්න ඕනෙද උන් ? ඉතින් අනිත් ඒවාත් ගණං. කාමර ගාස්තු ගණං. ඔක්කොම ගණං. නැතුව කරගෙන යන්න බෑ. ත්‍රීවීල් එකේ ගාණ වැඩියි. ඉතින් උන් දන්නවා. ඒ කියන්නෙ සමාජය අස්ථාවරයි”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...