ඡන්දය ගන්න තොරතුරු දැන දැනම පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩදුන්නාදැයි සැකයි – කාදිනල් හිමි (VIDEO)

Date:

පාලකයින් මතුපිටින් පෙන්වීමට උත්සාහ කරනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් පාස්කු ප්‍රහාරය පසුපස පැවතියේයැයි මේ වනවිට එන්න එන්නම පැහැදිලි වන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

“දැන් අපට එන්න එන්නම පැහැදිලි වෙනවා මෙතන මතුපිටින් මේගොල්ලෝ පෙන්නන්න හදනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙන බව. නාලක ද සිල්වා කියන නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත් අඩංගුවට ගන්න කටයුතු කළේ ඔහු ඊට දවස් කීපයකට කලින් සහරාන් හෂීම්ව අත් අඩංගුවට ගන්න වරෙන්තුවක් ලබාගෙන තියෙද්දි. මේ තියෙන්නෙ ඒ වරෙන්තුව. පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවේ තියෙනවා ‘යම්කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයින් විසින් වසර අගභාගයේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් සහ කැළඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන, ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්න සොයාබැලීමට වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයැයි ද කාරකසභාව නිරීක්ෂණය කරයි’ කියලා.

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මේක සූදානම් කරපු බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැනත් වසන් කරමින් ඡන්දය ඉලක්ක කරගෙන, ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා මේ ප්‍රහාරය සිදුවෙන්නට ඉඩදුන්නායි කියන තත්වය තමයි මෙතනින් පැහැදිලිව පේන්නෙ. එනිසා මේ ප්‍රහාරයේ 60%ක වගකීම තියෙන්නෙ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලන තන්ත්‍රයේ ඉන්න අය මේක යටගහන්නම තමයි බලන්නේ. මේවා විමර්ශනයකින් එළියට ගන්න මේගොල්ලො කැමති නෑ. මේ දේශපාලන නායකයින් රටේ නීතියෙහි ආධිපත්‍යය පුපුරුවා හැර තිබෙනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙකුට තමන් ආරක්ෂිතයි කියා හෝ යුක්තිය ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ මේ ක්‍රමයේදී. මොකද, සමස්ත ක්‍රමයම දූෂිත වෙලා තියෙන්නෙ”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...