එජාපය මොන සංවත්සර සමරුවත් බැසිල්ගේ රූකඩයක් වෙලා අවසන්! (VIDEO)

Date:

හැමදාම කළ අයුරින් දේශපාලන මුලාවක් තුළින් තවදුරටත් රට පාලනය කරගෙන යා නොහැකි අතර දැඩි ආර්ථික,සමාජීය,දේශපාලන අර්බුදයක් උඩුදුවා ඇති අවස්ථාවක සිය බලය තහවුරු කරගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ මහතා එය භාවිතා කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (06) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අද දවසේදී එක්සත් ජාතික පක්ෂය සිය 76 වෙනි සංවත්සරය සමරන්නේ එජාප ජනාධිපතිවරයෙක් යටතේ බවට ඔවුන් පැවසුවද මේ සිටින්නේ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වන විට කුමන සංවත්සර සමරුවද රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂගේ රූකඩයක් බවට පත්ව හමාර බවද ඔහු කියාසිටින ලදී.

රට මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වය අද හෝ හෙට ඇමතිවරු 78ක් පත්කරමින් බලය තහවුරු කර ගැනීම සඳහා වන ව්‍යාපෘතියක වික්‍රමසිංහ මහතා නියැලී සිටින්නේද යන්න පිළිබඳවත් විමසා සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...