මාසික ආදායම ලක්ෂයයි නම් බදු ගෙවන්න සූදානම් වෙන්න !

වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 සීමාව ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. සරලව කිවහොත් මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන සෑම පුද්ගලයෙකුම ආදායම් බදුවලට යටත් වේ.

මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව තීරණය අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 සිට මිලියන 06 දක්වා 06% ක ආදායම් බද්දක් ගෙවීමට සිදුවන අතර මිලියන 05 සිට මිලියන 10 දක්වා ආදායම් බද්ද 12% ක් වේ. මිලියන 10 – 15 දක්වා 24% ක් ලෙසත් මිලියන 15 – 20 දක්වා 30% ක් ලෙසත් ආදායම් බදු අය කරන අතර මිලියන 20 ඉක්මවන වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයන් ආදායමෙන් 36% ක් ලෙස රජයට බදු ගෙවිය යුතුය.

පසුගිය රජය සමයේදී මෙම බදු සීමා පනවා තිබූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ වහාම සිදුකළ බදු සංශෝධනයේදී ආදායම් බදු ගෙවිය යුතු අවම සීමාව වාර්ෂික ආදායම මිලියන 03 ක් ලෙස සංශෝධනය කෙරිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවලද මෙම බදු සංශෝධනය අනිවාර්ය වගන්තියක් වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...