ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකාව අසියානු කුසලානයට තවත් පියවරක් ලං වෙයි

Date:

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන්ද ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, ප්‍රබල ඉන්දියාව කඩුලු 06 කින් පරාජයට පත් කරමිනි.

ප්‍රතිවාදී ඉන්දියාව ලබාදුන් ලකුණු 174 ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පන්දුවාර 11 කදී ලකුණු 97 ක සබඳතාවයක් පළමු කඩුල්ල සඳහා පිහිටවූ අතර 12 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම ඉන්දීය නායක ෂර්මා අතර උඩපන්දුවක් ලබාදෙමින් නිස්සංක ලකුණු 52 කට පිටියෙන් ඉවත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු ලබා ගැනීමට පෙර දැවීගිය අතර ධනුෂ්ක ගුණතිලකට පන්දු 07 කදී ලබා ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

ඉන් අනතුරවු 15 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් ලබා සිටියදී දැවී ගියේ, ලකුණු 13 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි කඩුල්ලද අහිමි කරමිනි.

ඉන් අනතුරුව පිටියේ එක් වූ භානුක රාජපක්ෂ හා නායක දසුන් ශානක පන්දුවාර 5.4 ක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් නොදැවුණු ලකුණු 64 ක සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවත කරා රැගෙන ගියේය.

භානුක පන්දු 17 කදී ලකුණු 25 ක් රැස් කරගත් අතර නායක දසුන් වේගවත් ප්‍රහාරයක නිරතෙවමින් පන්දු 18 කදී ලකුණු 33 ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් දසුන්ගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 173 ක් පමණි. නායක රෝහිත් ෂර්මා ලකුණු 72 ක් ලබා ගනිද්දී සූර්යකුමාර් යාදව් ලකුණු 34 ක් ලකුණු පුවරුවට එකතු කළේය.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවකාශ නොලැබුණු අතර විරාත් කෝලි, යොවුන් ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක හමුවේ ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයකි. දිල්ෂාන් අගනා පන්දු යැවීම නිරතවෙමින් ලකුණු 24 කට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලියේ පළමු තරගයේදීම ඇෆ්ගනිස්ථානය හමුවේ අවමන් සහගත පරාජයක් ලබමින් පළමුවටයෙන්ම ඉවතට විසිවීමේ අවදානමක සිට ශ්‍රී ලංකාව මේ වනවිට අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින්නේ ප්‍රේක්ෂකයන්ට මෙරට ක්‍රිකට් අනාගතය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ලබාදෙමිනි.

තරගයේ ලකුණු පුවරුව….

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”