ඉන්ධන බෙදාහැරීම ගැන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසා දැමීමට සිදුව ඇති බවට පළවන වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

මේ වනවිටත් දෛනිකව පිරවුම්හල් වෙත ආසන්න වශයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් පමණ නිකුත් කරන අතර එය පෙර පැවති ඉන්ධන හිඟ කාලයට සාපේක්ෂව ඉහළ අගයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට ප්‍රමුඛතා ලේඛනයක් හඳුන්වාදීම, චෙක්පත් පහසුකම් සීමාකිරීම ආදී කරුණු මත පදනම්ව කිසිදු පිරවුම්හලක් වසා දමා නොමැති බවත් එම සංස්ථාව පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...