හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ අයථා වත්කම් ගැන විමර්ශනයක්. ඔප්පු රැසක් එළියට ඇදෙයි ?

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය සිදුකරන බව සඳහන්.

එහිදී ප්‍රසන්න රණවීරගේ බිරිඳගේ නමට ලියාපදිංචි කළ ඉඩම් ඔප්පු විශාල සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු දැනටමත් අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ප්‍රසන්න රණවීරට එරෙහි මෙම පැමිණිල්ල මීට කලකට ඉහතදී අල්ලස් කොමිසමට ලැබී ඇතත් එය යටගොස් තිබී ඇති බවත් වාර්තා විය.

2024 මැතිවරණ පරාජයෙන් පසු කලක් නිහඬව සිටි ප්‍රසන්න රණවීර පසුගිය දිනවල මාධ්‍ය හරහා ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරන ආකාරයක් ද දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...