ඊශ්‍රයල ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදයට එරෙහිව යුරෝපා සංගමය සම්බාධක රැසක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදයයට සම්බන්ධ ඊශ්‍රායල පදිංචිකරුවන්ට සහ ප්‍රමුඛ හමාස් නායකයින්ට එරෙහිව යුරෝපා සංගමය විසින් ඊයේ(11)දිනයේදී නව සම්බාධක රැසක් පනවා තිබේ.

ඊශ්‍රායල සටන්කාමීන් බටහිර ඉවුරේ පාසල් ප්‍රහාර වේගවත් කරමින් සිටින බව තහවුරු වීමෙන් අනතුරුව මෙම සම්බාධක පනවා ඇති අතර සම්පූර්ණ නම් ලැයිස්තුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

කෙසේ නමුත්, අන්තවාදී ඊශ්‍රායල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ඉටමාර් බෙන්-ග්විර් සහ බෙසලෙල් ස්මොට්‍රිච් ඇතුළත් නොවන බව වටහාගෙන ඇතමෙම යුවළ පසුගිය ජුනි මාසයේදී එක්සත් රාජධානියේ සම්බාධකවලට යටත් කරන ලද අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සා’ආර් පැවසුවේ, යුරෝපා සංගමය අත්තනෝමතික හා දේශපාලනික ආකාරයකින්, ඊශ්‍රායල පුරවැසියන්ට සහ ආයතනවලට ඔවුන්ගේ දේශපාලන අදහස් නිසා සහ කිසිදු පදනමක් නොමැතිව සම්බාධක පැනවීමට තෝරාගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...