කොළඹ මහ නගරසභාවේ මන්ත්රීවරුන් තිදෙනෙකු මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කර තිබේ.
මෙසේ ස්වාධීන වන බව නිවේදනය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනන්ද ලියනපතිරණ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තරග කර ජයලැබූ මොහොමඩ් මන්සිල්, ඉන්දික සංජීව ලියනගේ යන තිදෙනා ය.
මොවුන් මේ දක්වා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ අතර ඊයේ (12) පැවති කොළඹ මහ නගරසභාවේ මාසික රැස්වීමේදී මෙසේ ස්වාධීන වීමට තීරණය කළ බව නිවේදනය කර ඇත.


