ඩොලරය රුපියල් 330 මායිමේ

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඊයේ (14) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.2875 ක් වශයෙන් ද විකුණුම් මිල රුපියල් 329.9201 ක් වශයෙන් ද සටහන්ව තිබේ.

මෙය 2023 දෙසැම්බර් 27 වෙනිදායින් පසු මෙරටින් වාර්තා වූ ඇමරිකානු ඩොලරයක ඉහළම විකුණුම් මිල වේ.

2022 මාර්තු 07 දක්වා රුපියල් 202.99ක ස්ථාවර අගයක පැවති පැවති අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම, 2022 මාර්තු 08 දින සිට රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර 2022 මැයි 12 වන විට රුපියල් 377.49ක් දක්වා ඩොලරයේ විකුණුම් මිල වැඩිවී තිබිණි. ඉන් පසුව මෙය ක්‍රමිකව පාලනය කරගැනීමට හැකිවුණු අතර 2023 වසර අවසන් වනවිට එය රුපියල් 328.77 දක්වා අඩුවිය.

ඉන් අනතුරුව මේ දක්වා ඩොලරයක අඩුම විකුණුම් මිල වාර්තා වූයේ 2024 දෙසැම්බර් 13 වනදා ය. ඒ, රුපියල් 294.49ක් වශයෙනි.

මේ සතිය තුළ ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ ගිය ආකාරය පහත සටහනින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...