ජාතික අධ්යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ අයි.ජී.එස්. ප්රේමතිලක මහතාට ශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියම කර තිබේ.
ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළ තීන්දුව ඊයේ (14) ප්රකාශයට පත්කරමිනි.
මීට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවමක් ද නියම කරන ලදී.
2024 වසරේ 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට අදාළව ශ්රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ජාතික අධ්යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ අයි.ජී.එස්. ප්රේමතිලක මහතාට එරෙහිව මෙන නඩුව ගොනුකර තිබිණි.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන ඇතුළු ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.


