ශ්‍රීලනිපයේ බහුතරය මෛත්‍රීට කොකා පෙන්නා රනිල් සමග එක්වෙයි !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍ය තනතුරුවල දිවුරුම් දී තිබේ.

ඒ, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් ය.

මීට පෙර පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් දෙදෙනෙකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ද කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට එක්වී තිබිණි.

ඒ අනුව දැනට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින්නේ දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ෂාන් විජයලාල් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පමණි. එහෙයින් පැහැදිලිවම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය දැනටමත් මෛත්‍රීපාල සිරිසේන මහතාව අත්හැර දමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...