Eurovision වේදිකාව උඩු යටිකුරු කළ “Bangaranga” — ජය බල්ගේරියාවට! Bulgaria wins Eurovision 2026 with “Bangaranga”

සටහන – පුලී

මැයි 17, LNW (කොළඹ): ඊශ්‍රායලයේ අඛණ්ඩ සහභාගීත්වය හේතුවෙන් රටවල් කිහිපයක් එය වර්ජනය කිරීම වැනි දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක තරඟයකින් පසුව, බල්ගේරියාවේ DARA මෙවර යුරෝවිෂන් තරඟය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

70 වන වසරට පා තබන යුරෝපය පුරා සහ ඉන් ඔබ්බට රටවල පොප් රංගන ශිල්පීන් සම්බන්ධ වූ විචිත්‍රවත් මෙම තරඟාංගය, 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් නායකත්වයෙන් යුත් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ගාසා තීරයේ ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරය පිළිබඳ ආරවුලක් හේතුවෙන් අර්බුදයකට ඇද වැටී තිබුණි.

මෙහි දී මාධ්‍ය මත විමසුමේ සහ ප්‍රේක්ෂක මත විමසුමේ ප්‍රතිඵල මගින් වේදිකාව මත පැහැදිලි ආයාචනයක් ජීවමාන වන බව පෙන්නුම් කළ බැවින් “Bangaranga” නව පරිච්ඡේදයක් එහිදී ස්ථාපිත කරන්නට විය.

බල්ගේරියාව මෙවර යූරෝවිෂන් තරඟය ජයග්‍රහණය කළේ ලකුණු 516ක් ලබා ගනිමිනි: ජූරි සභිකයින්ගෙන් ලකුණු 204ක් සහ මහජනතාවගෙන් ලකුණු 312ක් ඒ අතර විය. ඊශ්‍රායලය ලකුණු 343 ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර රුමේනියාව (ලකුණු 296) ක් ලබා ගැනීමට සමත් විය. 2017 න් පසු ජූරි සභිකයින් සහ මහජන ඡන්දය යන දෙකම දිනාගත් පළමු රට මෙයයි!

වසර තුනක විරාමයකින් පසු බල්ගේරියාව වියානාහි පැවති තරඟයට මෙලෙස පැමිණි අතර, ජයග්‍රහණය සනිටුහන් කළ කුඩා රටවල් සමාජයට බල්ගේරියාවත් ඇතුළු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...