මී පැණි නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW: දේශීය මී පැණි නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළදී සිව් ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි.

ඒ අනුව දැනට මෙට්‍රික් ටොන් 50ක් වන දේශීය සැපයුම මෙට්‍රික් ටොන් 200 දක්වා ඉහළ යන බවත් 17000ක් වන මී පැණි පෙට්ටි ප්‍රමාණය ඉහළ ධාරිතාවයක් කරා යොමු කරන බවත් ඒ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර බිගු දින සැමරුම නිමිත්තෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කරන ලද බිඟු පා ගමන ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සිට මහනුවර සහස් උයන දක්වා අද පෙරවරුවේ ගමන් ඇරඹීය.

මැයි 20 වන දිනට යෙදෙන බිඟු දින සැමරුම වාරියපොල කෘෂිකර්ම විද්‍යාලීය, මී මැසි සංවර්ධන ඒකකයේ දී පැවැත්වෙන අතර එහි ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මේ පාගමන සංවිධාන කොට තිබිණි.

මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීම, එම නිෂ්පාදනයට ගෝචර ශාඛ වර්ග හදුන්වාදීම, පළිබෝධකයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඇතුලුව මී මැසි පාලනය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙම පාගමන පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා, අප අනුභව කරන ආහාර පිඩු තුනෙන් එකක් මී මැස්සන්ගේ ක්‍රියාවලිය හා සම්බන්ධ වූවක් වන බවත් කෘෂිකර්මාන්ත නිෂ්පාදනයෙන් 35%ක් මී මැස්සන් සහ පරාගන ක්‍රියාවලිය හේතුවෙන් බිහිවූවක් වන බව ද පැවසුවේය. මී මැස්සන් නොමැති නම් ඩොලර් බිලියන 500ක ආදායමක් ලෝකයට අහිමි වන බවත් එය මිනිසා ඇතුලු සමස්ථ ජීවීන්ගේ පැවැත්ම හා ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වන බව ද තව දුරටත් පැවසුවේය.

මී මැසි පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති මෙම පාගමන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කෘෂිකර්ම විද්‍යාලයල සිසුන්, බිඟු සුරැකුම් සංවිධානවල සාමාජිකයන් ඇතුලු පිරිසක් සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...