ජාතික තරුණ දිනය වෙනුවෙන් “Say No -අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාවෙන් දිවයින පුරා පාගමන් 25ක්

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

ජාතික තරුණ දිනය හෙට (23දා) යෙදී තිබේ. ඒ අනුව ජාතික තරුණ දිනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කරන පාගමන් සහ රැළි 25ක් දිවයින පුරා පැවැත්වීමට නියමිතය.

“Say No – අනාගතය අහිමි කරන විෂමත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලදී මෙම පාගමන් පැවැත්වීමට නියමිතය.

මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සහ youth Club කොළඹ දිස්ත්‍රික් නායකයින් සහ ජාතික සම්මේලනයේ නායකයින් සහභාගි වීමට නියමිතව ඇත. සෙසු දිස්ත්‍රික්කවල පැවැත්වෙන පාගමන් සඳහා ද එම දිස්ත්‍රික්කවල තරුණ නායකයින් සහභාගි වීමට නියමිත අතර, තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම පාගමන් සඳහා සහභාගී වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...