සටහන – රුවන් නෙළුගොල්ල
නඩුවක් හේතුවෙන් ප්රමාද වී තිබුණු වනාතවිල්ලුව ප්රදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීම ඊයේ (27) පැවැත්වුණු අතර එහිදී වැඩි ඡන්ද 02කින් ජයග්රහණය කිරීමට සමගි ජන බලවේගයේ වින්සන්ට් ෆ්රැන්සිස් මහතා සමත්වී තිබේ.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සභාය ලැබූ වින්සන්ට් ෆ්රැන්සිස් මහතා ඡන්ද 10ක් ලබාගෙන තිබූ අතර ජාතික ජන බලවේගයේ සුරංග ප්රදීප් කුමාර මහතා ලබාගෙන තිබුණේ ඡන්ද 8ක් පමණි.
උපසභාපතිවරයා තේරීමේ ඡන්දයේදී ඡන්ද 11ක් ලබාගනිමින් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත්වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් මහතා ජයග්රහණය කළේය.


