*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පරාජ ගැනම ඇහෙන රටකට ආසියාවම දිනා දෙන්න වෙහෙසෙන කොල්ලොයි – කෙල්ලොයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් සාරථකම කණ්ඩායම් ක්‍රීඩාව වෙන්නේ පිරිමි ක්‍රිකට් ය.එහිදී ශ්‍රී ලංකාව ලෝක සූරතාවය පවා දිනා ගෙන ඇත.කාන්තා කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය ලැබෙන්නෙ නෙට්බෝල් ක්‍රීඩාවෙන්ය.හය වරක් සූරතාවය දහ වරක් අනු සූරියන් වෙන්නටද ශ්‍රී ලංකාවට හැකි වී ඇත.නමුත් මේ ක්‍රීඩා දෙක දුවන්නේ ආකෘති දෙකකය.ක්‍රිකට් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර නෙට්බෝල් සඳහා ඒ වරප්‍රසාද ද නැත.එය ක්‍රීඩාවක් හැටියට පිළිගැනිම සහ ගෑණු සෙල්ලමක් හැටියට සැළකීම යන කාරණා අතර දෝලනය වෙමින් තිබෙන්නේ නෙට්බෝල් ආකෘතිය ඇතුළේම තිබෙන අතිශයින් සම්ප්‍රදායික බල අරගලය නිසාවෙන්ය.එහි බලය කේන්ද්‍ර වන්නේ පාලනය තීරණය කිරීමට පමණක් නොව බොහෝ විට පුහුණු කරන්නේ කවුරුන්ද,ඒ නෝනලාගේ දරුවන්ට කණ්ඩායමේ හිමි විය යුතු තැන් මොනවාද යන කාරණා ද සමඟින්ය.එසේම බොහෝ විට අමාත්‍යංශයට සංවර්ධන දෙපාර්තමේන්තුවට ඇතැම් අවස්ථාවලදී ක්‍රිකට් අරමුදල් අවශ්‍යය වන අතර නෙට්බෝල්වලට සිඳුවන්නේ අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ තුට්ටු දෙකෙන් යැපෙන්නට නිසා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් නෙට්බෝල් සම්බන්ධතා ද නෙට්බෝල් ප්‍රශ්නවලදී ඒ ඇතුළත තමන්ගේ බලය පෙන්වීමට තහ තහවුරු කර ගැනීමට උත්සාහ කරන අවස්ථා ද අප දැක ඇත.

මේ ආකෘතිමය තත්ත්වයන් කුමක් වුව ක්‍රිකට් තරමටම ශ්‍රී ලංකාවට කණ්ඩායම් ක්‍රීඩාවලදී නොට්බෝල් දිනා දී ඇති තත්ත්වයද ගෞරවයෙන් පිළිගත යුතුය.ඒ ගෞරවය තව දුරටත් පදනම් කරගෙන මෙවරත් ආසියාව දිනා ගැනීමේ සට‌ෙන් ආසියානු දැල් පන්දු රැජිනන් සේ අවිවාදිත ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ තිබේ.අද පස්වරුවේ ඔවුන්ට ආසියාවේ ඇති අභියෝගය වන දැනටත් යුව රැජිණ අසුණේ රැඳෙමින් කිරීටය දිනා ගන්නට උපාය උපක්‍රම කල්පනා කරන සිංගප්පූරුව සිය භූමියේදීම රැජිණගේ ආධිපත්‍යය බිඳ දමන්නට සටනට පිවිසෙනු ඇත.වසර ගණනක් තිස්සේ අවසාන වරට කිරුළ දිනා ගැනීම,ලෝක සූරතාවය නියෝජනය ආදී තැන් හී සිට මේ දක්වා කණ්ඩායමට මඟ පෙන් වූවන් අද අවසාන සටනට පිවිසෙන කණ්ඩායම පිටුපස ශක්තියක්ව සිටි බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

ඒ අනුව තිලකා ජිනදාස,සොමිතා අල්විස් සිට වර්ථමානයේ හයසින්ත් විජේසිංහ දක්වා වන පුහුණුකාරියන් මෙන්ම ඔවුන්ට සහයෝගය දැක් වූ සහ මේ මොහොතේත් දක්වන පුහුණු කාර්ය මණ්ඩල මේ ශක්තියේ සාධකය.බොහෝ විට අද තරගයේදී මැලේස්යාවේ වේගවත් බව පාලනයට සිංගප්පූරුව යොදා ගත් තරගය මදක් මන්දගාමි කරමින් පන්දුව පිටිය තුළ වැඩි වෙලාවක් හුවමාරු කරමින් රඳවා ගැනීමේ උපක්‍රමය ශ්‍රී ලංකාවට එරෙහිවද දියත් කරන්නට ඉඩ ඇත.ඒ නිසා එය වළක්වා එම රිද්මයට වහා පිවිස තරගය සිය රිද්මයට පරිවර්ථනය කර ගන්නට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුය.

වැදගත්ම දේ වැඩි ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව දෙසට මේ තරගය වාසිදායක තත්ත්වයක පවතින් බවය.එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා අවසන්ය.මේ තත්ත්වය යටතේ ඊ ළඟ ලෝක කුසලාන සංචාරයේදි මෙහි පුහුණුකාරිය වීමේ සටන් නැවත ඇරඹෙනු ඇත.ඇතැම් හිටපු නිලධාරීන් ආසියාව ජය ගැනීමෙන් නොනැවතී මෙරට පුහුණුකාරියනට ලෝක කුසලාන පුහුණුකාරිය වීම ද වෙන්න ඉඩ දෙන්න අකමැතිය.ඒ නිසා මේ තරගාවලිය නිමාවේම වහාම කණ්ඩායම ශක්තිමත් කරන්නට අවශ්‍යය තවත් ක්‍රීඩිකාවන් සොයා යාම වෙනම වටයකින් ක්‍රියාත්මක කරන අතරේම ලෝක සූරතාවයට යන කණ්ඩායම සිටින පුහුණුකාරිය සහ පුහුණු කාර්ය මණ්ඩල යටතේම පවත්වාගෙන යාමට පියවර ගත යුතුය.
නමුත් කණ්ඩායම ලෝකයට සටන් කරන්නට රැඟෙන යාමේදී අවධානය යොමු කර යුතු කරුණු ගණනාවක් තිබිය යුතුය.එහිදී පුහුණු උපදේශක සභාවක් නැතිනම් කාර්ය මණ්ඩලයක් යොදා නිරන්තරයෙන් ක්‍රීඩිකාවන්ගේ වර්ධනය විය යුතු තැන් හඳුනාගෙන ඒවා පුහුණුකාරියට උපදෙස් දී ඇය හරහා නිවැරදි කරන්නට කටයුතු කළ යුතුය.එවැනි තත්ත්වයකදී සාකච්ඡාව මෙන්ම අදහස් සහ සාකච්ඡා සමඟ කටයුතු කරමින් රට වෙනුවෙන් පෙනී සිටීම වත්මන් පුහුණුකාරියගේ ද වගකීම විය යුතු අතර “මට ඕනෑ හැටියට රට” යන්න සිය භාවිතාව කර නොගැනීමට වග බලා ගත යුතුය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය ගත් විට එම සූරතාවය වැඩිපුරම දිනා ගෙන ඇත්තේ ඉන්දියාවය.ඒ හත්වරකි.දෙවනුවට එම දස්කම වැඩිම වරක් කර ඇත්තේ පස්වරක් සූරතාවය දිනාගෙන ඇති ශ්‍රී ලංකාවය.පකිස්තානය තවම සූරතාවය දිනා ඇත්තේ දෙවරක් පමණි.තරගාවලිය 20/20 ආකෘතියෙන් ක්‍රියාත්මක වන දෙවන අවස්ථාව මෙවර යෙදී ඇති අතර 2016 දී මුල් වරට පැවති අවස්ථාවේදී එහි සූරයන් වූයේ ඉන්දියාවය.අනු සූරතාවය දිනූ බංගලාදේශයට මෙවර මුල් වටයෙන් ඉවතට යන්න සිඳු වූ අතර සූරයන් වූ ඉන්දියාවට දෙවන වටයේදී ඉවතට යන්නට පකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්ව පාර කැපුවේය.
ජයග්‍රහණ මානසිකත්වයේ දී ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවය.මේ තරගාවලිය පුරා ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතා මුසුවකින් පෙරට එන කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ප්‍රබලම කණ්ඩායම ලෙස කැපී පෙනෙන්නේය.එහි වාසිය අද දිනයේදී ද ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.නමුත් ඔවුන් ද ලෝකයේ ඉහළම දත්ත විශ්ලේෂකයින් හරහා ශ්‍රී ලංකාවේ පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද අධ්‍යයනය කර ඇති බව සහතිකය.ඒ නිසා ඇඟේ හයිය තරමටම දැණුම සංවේදී සහ නිර්මාණාත්මකව අදාළ මොහොත අනුව ක්‍රියාවට නැංවිමේදී ශික්ෂණයකින් සහ සංයමයකින් ප්‍රවේගය පවත්වාගෙන යන්නා ජයග්‍රාහකයා වනු ඇත.

වත්මන් තේරීම් කමිටුව මෙන්ම දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්තානයට රාජ්‍ය තාන්ත්‍රිකව වැදගත්කමක් ගත් සංචාරයකදී කණ්ඩායමක් යවා සූරතාවය රැඟෙන එන්නට කටයුතු කළ තේරීම් කමිටුවට ද මෙහිදි ස්තූතිය හිමි විය යුතුය.එහිදි ක්‍රිකට් යනු ක්‍රිකට් මිස ක්‍රිකට් යනු චරිත නොවන බව පැහැදිළි විය.ඒ අතටම ඇතැම් දුබලතාවයන්ගෙන් පහර දී ක්‍රිකට් තමන්ගේ හැඩයේම තියා ගන්නට තේරීම් කමිටුවකට වුව නොහැකි බව ඔප්පු කරමින් භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් රටේ ක්‍රිකට් හඩ සේ මහජනතාවගේ හදවත පතුළට රිංගාගෙන සිටින අයුරුද අපූරුය.එසේම කීත් මිලර් මෙන්ම වත්මන් සිල්වර්වුඩ් ද වෘත්තීයට වගකීමෙන් මෙන්ම ආදරයෙන් ද බැදී සිටින්නෝය.ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලය ද එවැනිම ගෞරවයකින් මේ ජයග්‍රහණය හමුවේ ඇගයීම වටින්නේය. දකුණු ආසියාතික සංස්කෘතියේ මානව බැදීම්වලට ඇති ගරු කිරීම සහ සංවේදී බව වෘත්තීය ඉක්මවා යන්නකි.ඒ නිසා මිලර්ගේ සහ සිල්වර්වුඩ්ගේ ආදරයට ප්‍රතිචාර සේ ලැබෙන ගෞරවය මේ වන විට තිතට වැඩ කරමින් ඇත.

ක්‍රිකට් මේ වන විට ඉතිහාසයේ සිටම පැමිණි මාර්ගයේ අනන්‍යතාවය වූ පුද්ගල කේන්ද්‍ර නොවන කණ්ඩායම් ක්‍රීඩාවක් බව මේ වන විට තහවුරු කරමින් ඇත.දක්ෂ විශේෂ ක්‍රීඩකයින් සිටිය ද ඒ මතම නොවන ඒවා ප්‍රධාන වුව ද කණ්ඩායම් හැඟීමෙන් ජයග්‍රහණය කරන තැනෙක ක්‍රිකට් ක්‍රියාත්මක වූ බව ඉතිහාසය විසින්ම තහවුරු කර ඇත.දසුන් ශානකගේ නායකත්වය සමඟ පෙරට එන ක්‍රිකට් ද එවැනි විකාශයක අග්‍රපලයේ රැඳෙන මොහොතක් මේ වන විට උදා කරගෙන ඇත.ඉතා කැපවීමෙන් පැමිණ තිබෙන මෙතැන ආදරයෙන් රැක ගැනීමට භාවිතාවට ගත යුත්තේ ඒ සම්බන්ධයෙන් වන ක්‍රිකට්මය හැදැරීම්වල දැණුම පමණක්මය.මේ වන විට දකුණු ආසියාතික දුප්පත්කම විසින් මේවා ජ්‍යොතිශය කාරණාවන් හී බලය මත සිඳුවන සහ ඒ නිසාම ජයගත හැකිය යනුවෙන් දෙන ප්‍රකාශනනම් හිත මායිමක හෝ ජයග්‍රාහී විශ්වාසයක් කර නොගෙන ජය තහවුරු වෙන අවසන් තත්පරය දක්වාම එය ලබා ගැනීමට ක්‍රීඩාමය වශයෙන් මැදිහත්වීම වැදගත්ය.

ක්‍රිකට් කණ්ඩායමක් සේ කටයුතු කරන අයුරෙන්ම නෙට්බෝල් ද කටයුතු කරන්නේ කණ්ඩායමක් වශයෙන්ය.නමුත් කණ්ඩායමේ ද විශ්වාසය වි ඇත්තේ ඔවුන් තර්ජණි වටා සෙක්කුවක් සේ වටේ යන මට්ටමට ජයග්‍රහණ මිරීකී පෙරෙන බවය.ඒ සෙක්කු මානසිකත්වය ලංකාවේ නෙටිබෝල් පුහුණුකාරියන්ගේ සිටම පරිපාලනයේ සිට පහතට තල්ලු කරන එකකි.නමුත් ඇය සිටියදීම අපට ආසියාව ජය ගන්නටද නොහැකි වූ අවස්ථා ඇත.තර්ජණි අතට පන්දුව පත්වීමේ ක්‍රියාවලිය අසාර්ථක වන හැම තත්ත්පරයේම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අපහසු වන අතර තර්ජණීට යම් අවස්ථාවක වැරදීම් කිහිපයක් සිඳු වූ විට සමස්ත කණ්ඩායමට එය බලපාන්නේ බල පෑ යුතු සීමාව ඉක්මවා වීම කණගාටුදායකය.
ඒ නිසා 2023 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ දැල් පන්දුව ගමන් කරන මාර්ගය තීරණය කරන්නට ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩිකාවකගෙන් අපේක්ෂිත සාමාන්‍ය උස ප්‍රයෝජනයට ගෙන ජයග්‍රහණය ලබාගන්නා උපක්‍රම ගැන සිතීම අත්‍යවශ්‍යය කාරණයකි.එය මේ ජාතික කණ්ඩායමට සාපෙක්ෂව අලුත් ක්‍රීඩිකාවන් සොයා ගැන්මේ තැනකට ගෙන යා යුතු අතර,ජාතික නෙට්බෝලය සඳහා “අපේක්ෂා සහගත” ක්‍රීඩිකා සංචිතයක්ද නඩත්තු කිරීම වැදගත්ය.

ඇතැම් විට ශ්‍රී ලංකාවේ දූපත් කුහකත්වයකින් වැඩ කරන කෙනෙක්ට තමන් ක්‍රීඩාවෙන් හිමිකර ගත් තත්ත්වය වෙනත් අයෙක් අත්පත් කර ගැනීමේ අර්බූද ද තිබිය හැකිය.එවැන්නෙකුට ශ්‍රී ලංකාවේ පහත් දේශපාලන රැකවරණය ලැබෙන්නේනම් සහ දේශපාලනයේ පාලකයාට එයින් යම් වාසිසහගත ගනුදෙනුවක් කර ගත හැකිනම් රට අදාළ වන්නේම නැත.ඒ නිසා මේ ආසියාවේ රජ වීමට පැමිණ තිබෙන රජ කොල්ලන්ට සහ රජ කෙල්ලන්ට ඇති ලොකුම ඉදිරි අභියෝගය මිනිස්සුන්ගේ කුහක ගඳ දේශපාලන ආත්මවලට වියරුවෙන් හැසිරීමට ඇති ඉඩ වෙනුවෙන් ඕනෑම විටෙක ක්‍රීඩාව යටත් විය හැකි තත්ත්වයක තිබීමය.නමුත් අදින් පසු විය හැකි ඒ කැත වෙනස්කම්වලට හිස ඔසවන්නට බැරි වෙන්නට රටේ ජනතාවගේ ආදරය සහ ආනන්දය වෙනුවෙන් කෙල්ලන් මෙන්ම කොල්ලන්ද අද දවසේ ආසියාතික සූරයන් සහ සූරියන් වෙනු දැකීම රටේ පැතුමය.

පාළකයන් දිනා දි ඇති දරිද්‍රතාවය,අනාරක්ෂිත බව.උද්ධමනය සහ කුසගින්නත් පෝෂණ ඌනතාවයේන් ඉහළින්ම වැජඹෙන රටක් වීම සහ ඒ බොහෝ අවස්ථාවන් හී ලෝකයේ ඉහළින්මත් ආසියාවේ සහ දකුණු ආසියාවේ ඉහළින්මත් සිටින රටක මිනිස්සුන්ට අවශ්‍යය සතුට අද ඇත්තේ සිංගප්පූරුවේ ගෘහස්ථ ක්‍රීඩා පිටියක සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ක්‍රිකට් පිටියක් තුළය.අපිට ආනන්දය හොයා දෙන්නට සිනහව දෙතොල් මත අඳින්නට අසමත් රාජ්‍යයක පුරවැසියාගේ අභිමානය ගැන හැඟීමක් හදවතේ තබන්නට වෙහෙසෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ටත්,නෙට්බෝල් ක්‍රීඩිකාවන්ටත් LNW රට වෙනුවෙන් ජය ගන්නට සහ රට වැසියාට දුලබ වස්තුවක් වි ඇති ජයග්‍රහණයේ සතුට දෙන්නට හැකියාව සහ ශක්තියා ලැබේවා යැයි සුබ පතමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan