වර්ෂ 2030 වන විට තේ අපනයන ආදායම් ඉහළ නැංවීමේ සැලසුම්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන ආදායම වර්ෂ 2030 වන විට ඩොලර් බිලියනයකින් ඉහල නැගීමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

වර්ෂ 2024දී කිලෝ ග්‍රෑම් මිලියන 264 ක් වන නිමි තේ දළු අපනයනය මගින් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයන බවත් නව රජය බලයට පත්වූ පසු තේ නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ‍ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සංවිධානයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ඊයේ (31) පැවති ජාතික නැවුම් තේ මංගල්‍යය සඳහා සහභාගී වෙමිනි.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා තේ අස්වැන්න පූජා කිරීම එහිදී සිදුවූ අතර පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

සිලොන් ටී යන නාමයේ රැක ගැනීමට රජයක් වශයෙන් නිරන්තරයෙන්ම කටයුතු කර කරන බවත් ඒ වෙනුවෙන් සිය අමාත්‍යාංශය තේ මණ්ඩලය ආදී ආයතන සෘජුව දායක වන බවද පැවසුවේය. අලුත් සහල් මංගල්‍යය හා සමාන මංගල්‍යයක් වශයෙන් නැවුම් තේ මංගල්‍යය හැඳින්විය හැකි බවත් මෙවර එය පවත්වන්නේ නව වන වරට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතිය ලෝක උරුමයක් වශයෙන් නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් ලබා දී ඇති බව කී ඒ මහතා එම සංවිධානය එය පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද කීවේය. තේ සංස්කෘතියක් පවතින එකම රට ශ්‍රී ලංකාව වන බැවින් එවැනි ලෝක උරුමයක් තේ සඳහා හිමිවිය යුතු යැයි ද ඒ මහතා පැවසුවේය.

තේ අපනයනයෙන් මෙම වර්ෂයේ පළමු මාස හතරක කාලය තුළ ඩොලර් මිලියන 451.58ක ආදායමක් උත්පාදනය කළ බව කී ඒ මහතා එම ආදායම ඉදිරියේදී තවදුරටත් ඉහළ නැගීමට සැලසුම් කරන බවද සඳහන් කළේය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා තේ මණ්ඩලයේ සභාපති ආර්. කේ. ඔබේසේකර මහතා, තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන මහතා තේ කර්මාන්තකරුවන් සහ තේ කර්මාන්තයේ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...