සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයේ බලාත්මක කරන ලද තවත් අමනෝඥ නීතියක්වන ‘ළමා විවාහ’වලට ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමයින් 70%කට වැඩි ප්රමාණයක් ගොදුරු වන බව යුනිසෙෆ් විධායක අධ්යක්ෂ හෙන්රියාටා ෆෝර් ප්රකාශ කර තිබේ.
මෙම තත්වය උත්සන්න වන මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර නව නීතිය ඇෆ්ගන් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ නිදහස සීමා කරන පියවර මාලාවක නවතම අවස්ථාවයි.
මෙම නිතිය යටතේ ගැහැණු දරුවකු වැඩිවියට පැමිණීම විවාහය සඳහා සුදුසුකම් වන අතර “නිශ්ශබ්දතාවය යනු කැමැත්ත” වශයෙන් ඔවුන් අර්ථ දක්වා ඇත. තලෙයිබාන්වරු ගැහැණු ළමයින් සඳහා ද්විතීයික සහ විශ්ව විද්යාල අධ්යාපනය අඛණ්ඩව තහනම් කිරීම බොහෝ පවුල්වලට තම දියණියන් සඳහා ඇති එකම ආරක්ෂිත පියවර විවාහය බවට දැන් පත්ව ඇත.
ළමා විවාහ, බලහත්කාර විවාහ නූතන වහල්භාවයේ ආකාරයක් ලෙස පිළිගැනෙන අතර යුනිසෙෆ් ඇස්තමේන්තු කරන්නේ ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 15-49 අතර ඇෆ්ගන් කාන්තාවන්ගෙන් සියයට 28 ක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වී ඇති බවයි.
ඇෆ්ගනිස්තානයේ පවතින දරිද්රතාවය සහ කුසගින්න තරුණ දියණියන් මූල්ය භාණ්ඩ බවට පත් කර ඇති අතර පවුලේ ණය ගෙවීමට හෝ පවුලේ ඉතිරි අය ජීවත් කරවීම සඳහා ආහාර මිලදී ගැනීමට මනාලයෙකුගෙන් ලැබෙන දෑවැද්ද (මහර්) වැඩි වැඩියෙන් භාවිතා කරන බවයි ජාත්යන්තර මාධ්ය වාර්තා කරන්නේ,

