IMF එකට නොතේරෙන ලංකාවේ මැද පන්තිය!

උපාලි කොළඹගේ

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහ, හය වාරික දෙක ලැබීමත් සමග ආණ්ඩුවේ ඇතැම් කොටස් තුළ පුබුදුවක් දක්නට ලැබෙනවා. කොහොම වුණත් අපි කාටත් ඒක සතුට දනවන කාරණයක්. හැබැයි ණයක්. ඕනෑවට වඩා උෂාර් වෙන්ඩ කාරණයක් නම් නෙමෙයි. ඒ වගෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට නොවන්නට රටම හාමතින්.

ආණ්ඩුවට දැන් තියෙන විශාලම අභියෝගය IMF යෝජනා ක්‍රියාවට නැංවීමයි. පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන තත්ත්වයට පත් කිරීම. වැඩකට නැති ආයතන වසා දැමීමත් ප්‍රමුඛතා ලැයිස්තුවෙ ඉහළින්ම තියෙනවා.

දුප්පත්ම දුප්පත් ජනතාවගේ දුකත් IMF එකට දැනෙනවා. අස්වැසුම හා අනිකුත් ලැයිස්තුගත දීමනා වැඩි කිරීමත් IMF නිර්දේශවල ඉහළින්ම තියෙනවා.

නමුත් ශ්‍රී ලාංකික සමාජයේ වඩා පුළුල්තම සමාජ කොට්ඨාසය යැයි කිවහැකි මධ්‍යම පාංතිකයාගේ දුක්පීඩා නම්IMF එකට ඇහෙන්නෙත් නෑ. දැනෙන්නෙත් නෑ. ඒගොල්ලන්ගෙ දේශීය නියෝජිතයා යැයි කිවහැකි වර්තමාන ආණ්ඩුවටත් මේ ගැන වගේ වගක් නෑ. නොදන්න ගාණට ඉන්නවා. ඒක නම් කපටිකමත් වියහැකියි. වාමාංශික නුවූවත් වාමාංශික යැයි පෙන්නා ගෙන සිටින නිසා මධ්‍යම පන්තිය වෙනුවෙන් කථා කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන කන්‍යාභාවය පලුදු වේයැයි ඔවුන් තුළ අනියත බියක් තිබෙනවාද විය හැකියි.

කෙසේ වුවත් වර්තමානයේ වඩාත්ම පීඩාවට පත්ව සිටින පිරිස මැද පන්තිය යැයි කිවහොත් නිවැරදි යැයි සිතෙනවා. මැද පන්තියත් අතුරු කොටස් රාශියකින් යුක්තයි. එයිනුත් පහළ මැද පන්තිය හරි පුළුල්. රටේ පරිපාලන හා නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන් ම පාහේ රඳා පවතිනුයේ මධ්‍යම පාන්තිකයාගේ දෑත මත.

අද වන විට මධ්‍යම පාන්තික ජීවිතය හරිම අබල දුබල තත්ත්වය ට පත්වෙලා. එදිනෙදා කටයුතු කර ගැනීමත් අතිදුෂ්කර තත්ත්වය ට පත් වෙලා.

සමහරුන්ගේ මතය පුහු තත්ත්වයක් රැක ගැනීමට දරණ වෑයම නිසා මධ්‍යම පාන්තික ජීවිතය දුෂ්කර වී ඇති බවයි. මේක හරි කුහක මතයක්. පාසල් යන වයසේ දරුවන් කිහිපදෙනකු සිටින ගේක හැම මාසයේම වියදම ආදායමට වඩා වැඩියි.

මේක මං හිතන්නේ වර්තමාන සමාජයේ හැම කොටසකටම පොදුයි. පහළ මධ්‍යම පන්තිය ඒ කියන්නෙ දරිද්‍රතා රේඛාව උඩ හිටගෙන ඉන්න අයත් මීට අයත්. ඊට පහළ ඉන්න අයට ලැබෙන අස්වැසුම හෝ කිසිදු දීමනාවක් ඒ අයට ලැබෙන්නෙ නෑ. ලක්ෂ කිහිපයක් වැටුප් ලබන්නකු වුවත් අධික වියදම් ජීවිත රටාව නිසා පහළට වැටිලා. ගෙයක්දොරක් හදා ගන්න, පුංචි කාර් එකක් හෝ මෝටර් බයිසිකලයක් ගන්න එක ඉහළ වැටුපක් ගන්න අයකුට වුවත් වර්තමානයේ අති දුෂ්කර කාර්යයක්.

මගේ අදහස නම් IMF එක ර⁣ටේ බහුතර ජනතාව නියෝජනය කරන මෙරට මධ්‍යම පන්තිය කෙරේ දක්වන්නා වූ අවධානය ඉතා මදි බවයි.

ධනපති රටවල මධ්‍යම පන්තියයි අප වගේ අඩු ආදයම් ලබන රටවල මධ්‍යම පන්තියයි එකක් සේ සිතීම IMF එක සිදුකරන බලවත් වරදක් ලෙසයි මා දකින්නෙ. ඒ රටවල මධ්‍යම පන්තිය එම රටවල ආර්ථිකය පෝෂණය කිරීමට දක්වන දායකත්වය අපට දීමට හැකියාවක් නෑ. IMF එක අපේ රටේ මධ්‍යම පන්තිය අතමිට සරු ජන කොටසක් ලෙස වටහාගෙන සිටීමත් එම තත්ත්වය වෙනස් කර ගැනීමට පාලකයන් උත්සාහ නොකිරීම මෙම තත්ත්වය උත්සන්න වීමට හේතුවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...