සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹලා?

කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනු.

සුරේෂ් සලේ මහතාගේ සහෝදරයා සහ පුතා ඔහු බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය අවස්ථාවේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මානසික කඩා වැටීමකට ලක්ව සිටි බවට නිරීක්ෂණය වී ඇති බව අද හිටපු මන්ත්‍රීවරයා පවසන ලදී.

ඒ අනුව ඔහුට ලබා දෙන අමානුෂික වද හිංසා හේතුවෙන් සුරේෂ් සලේ මහතා මේ වන විට මරණය ඉලක්ක කරගනිමින් ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව ගම්මන්පිල මහතා කියා සිටියේය.

“සුරේෂ් සලේ මහතා බලන්න ඔහුගේ සහෝදරයාත් පුතත් රහස් පොලීසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩා වැටීමකට ලක්වෙලායි හිටියේ. ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රී කෑමට ලබාදීලා තියෙන්නේ බත් හැන්දක් රාබු හොදි සමඟ පමණයි. මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොළයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබු හෝදියි බෙදලා තියෙන්නේ. පත්තර කොළේ, කෑමවලින් පෙඟිලා, ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී, පත්තර කොළේ ඉරිලා කෑමටික බිමට වැටිලා තියෙනවා. එතකොට ඔහුට කන්ඩ වෙන්නේ බිම තියෙන කෑම. මෙයින් මානසිකව කඩා වැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි කරනු ලබන මේ අමානුෂික වද හිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා. එතුමා තමන්ගේ පුතා සමඟ හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා මට පොලීසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට මට මෙහෙම කරන්න, මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමඟ ප්‍රකාශ කරලා තියෙනවා මෙවැනි අමානුෂික වදහිංසාවලට ලක් වෙමින් බොරු චෝදනාවලට ලක් වෙමින් ජීවත් වෙනවාට වඩා මට මැරෙන එක සැපයි කියලා මේ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් ඉදිරිපිට” යනුවෙන්හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...