බුලත්සිංහල සජබ මන්ත්‍රීවරුන් 5ක් ඉවතට. මාලිමාවෙන් මුදල් ගත් බවට චෝදනා !

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව අදාළ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය දැක්වූ එම පිරිස ඒ සඳහා මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබුණු අතර ඊට අදාළ සාක්ෂි ඇතුළත් වීඩියෝ පටයක් ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේ නමක් විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරුන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපීමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

මෙසේ ඉවත් කර ඇත්තේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස්, මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන අයවලුන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන,

“ඒකාබද්ධ විපක්ෂය විදිහට ගත්තාම අපිට මන්ත්‍රී ධුර 16ක් තිබුණා. ස්වාධීන කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂය සහ අපේ 6 දෙනාත් එක්ක අපිට තිබුණා 16ක්. මාලිමාවට තිබුණේ 9යි. ඒ ගොල්ලෝ මුදල් දීලා, අල්ලස් දීලා අපේ 5 දෙනෙක්ව සල්ලිවලට ගත්තා. මේක මේ අය කරයි කියන එක මම දිගින් දිගටම පැමිණි කළා. පැමිණිල්ලට හොඳ සාක්ෂියක් ලැබුණා, ඒ පළාතේ ඉන්න ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් කොහොම හරි රෙකෝඩින් එක ගිහින් අපේ නායකතුමාටයි මහලේකම් තුමාටයි ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි තහවුරු වුණේ මෙහෙම දෙයක් සිද්ධ වෙලයි කියලා. ඊට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැම්මා, නීතීඥ මණ්ඩලයට දැම්මා, මමත් මැදිහත් වුණා. පස්දෙනාම අද පක්ෂෙන් නෙරපුවා. මොකද දිගින් දිගටම පසුගිය මාසේ තිබුණ රැස්වීමේදිත් මේ අය මාලිමාව ගේන හැම පනතකටම අත උස්සනවා. කිසි දවසක මේ දක්වා විරුද්ධ වෙලා නැහැ. අපේ පක්ෂයේ මතයට විරුද්ධව තමයි මේ අය ගියේ. හොඳ දඬුවමක් ලැබුණා ඊළඟට ලැයිස්තුවේ ඉන්න අය පත්කරනවා ඒක නීත්‍යානුකූල විදිහට සිද්ධ වෙනවා”

ජගත් විතාන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...