සලේව රෝහල් ගත කළ බව CID ය අධිකරණයට දන්වයි!

කොළඹ LNW:රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මෝසමක් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබේ.

එලෙස ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුල් කරන ලද්දේ ඊයේ (07) රාත්‍රියේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරමින් තිබෙන විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගනිමින් පරීක්ෂණ සිදුකෙරෙමින් පැවතුණි.

එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණි.

ඉන් අනතුරුවයි ඔහුව ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුල් කර ඇත්තේ.

මේ වන විට පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිවද අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...