රාත්‍රී ආර්ථිකයක් හදන්න ඕනෑ – රටට ඩොලර් ගේන්න ඩයනාගේ සැලසුම් (VIDEO)

Date:

සංචාරක කර්මාන්තය ඔස්සේ රටට වැඩි වැඩියෙන් ඩොලර් ආදායම් ඉපයීම සඳහා සැලසුම් ගණනාවක්ම තමන් සතු බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“සංචාරකයො එන්නේ ක්ලබ් යන්න, නයිට් ක්ලබ් යන්න, කන්න, බොන්න, විනෝද වෙන්න, ඒ වගේ විනෝදාස්වාදය වෙනුවෙන්. අද අපේ රටේ ඇත්තටම ඒක හරිම අඩුයි. අපටත් පේනවානෙ ගියාම. රෑ 10න් පස්සේ ගියොත් කොළඹ මොකුත් නෑ. වියදම් කරන්න තැනක් නෑ. මේ අවස්ථා හදන්න ඕනෙ අපි. මොකද ඒකට තමයි නයිට් ලයිෆ් කියන්නේ. නයිට් ඉකොනොමි කියන්නේ. අන්න ඒක අපි හදන්න ඕනෙ. එතකොට ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටට ඩොලර් ආදායම් ආවෙ නැත්නම්, මේ රටට ඩොලර් ගෙනාවෙ නැත්නම් මතක තියාගන්න 225 වන අපටත් ගෑස් ගෙදර හදන්න බෑ, ඉන්ධන හදන්න බෑ. මන්නාරම දූපත අපට සම්පූර්ණයෙන්ම අපට හදන්න පුළුවන් මැකාවු කියන රට වගේ විනෝදාස්වාදය වෙනුවෙන් ඩොලර් වලින් පමණක් බිස්නස් කරන, රුපියල් නෑ. පුංචි කාලෙ අපිව බයකරන්නෙ මෙහෙම නේ, ගිහිල්ලා දානවා මන්නාරමේ කරවල වේලන්න කියලා. අපේ රටට දැන් කරවල වේලලාද හරියන්නෙ ? එතකොට කරවල වේලන්න තියන්නෙ ඇයි මන්නාරම මෙච්චර වැඩක් කරලා ඩොලර් හම්බකරන්න පුළුවන්කමක් තියෙද්දී ? මේ රටේ මොනවාද බැරි ? කරන්න ඉස්සෙල්ලාම ඕනෙ වුවමනාව, අදහස්. එච්චරයි !”

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (13) සිය අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...