රනිල්ට ලෝකෙම බයයි, රනිල් ජනාධිපති උනේ රටේම වාසනාවට – වජිර

Date:

ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වන බලපෑම් පරාජය කිරීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එනිසා සියලු දේශපාලන වාදබේද ඉවත දමා සියලු දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව වැනි රටවල සැමවිටම දුර්වල නායකයන් බලයට පත්වීම බලවත් රටවල අපේක්ෂාව බවත්, රනිල් වික්‍රමසිංහ මහතා වැනි අත්දැකීම් සපිරි, දේශපාලනය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අවබෝධයක් සහිත පුද්ගලයෙකු රටේ නායකත්වයට පත්වීම එම රටවලට ගැටලුවක් වී ඇති බවත් පෙන්වා දෙන වජිර අබේවර්ධන මහතා පවසන්නේ, බලවත් රටවල් රනිල් වික්‍රමසිංහ මහතා දෙස සැකයෙන් බලන බවයි. ඇතැම් විට බොහෝ රටවල් රනිල් වික්‍රමසිංහ මහතා හේතුවෙන් බියට පත්ව ඇතැයි අනුමාන කළ හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මේ නිසා යළිත් දුර්වල නායකත්වයක් අතට රට පත්වීම වළක්වා ගැනීම මහජනතාවගේ වගකීමක් බවත්, ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන්නැයි සියලු දේශපාලන පක්ෂවලට මහජනතාව බලපෑම් කළයුතු බවත් අබේවර්ධන මහතා පවසනවා.

2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එකම අපේක්ෂාව බවත්, එවැනි දූරදර්ශී දේශපාලනඥයෙකු රටේ නායකත්වයට පත්වූයේ රටේත් සමස්ත මහජනතාවගේත් වාසනාවට බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...