රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW :
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් දඹාන පිහිටි ඔහුගේ නිවසේදී සිය 79 වන උපන්දිනය උත්කර්ෂවත් ලෙස සැමරූ අතර, එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මහියංගන ප්රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතා සහභාගී විය.
ගුරුකුඹුර ජන උරුමය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය ගල්පෝරුයායේ ප්රදීපවංශ හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආදිවාසී නායකයාට ආශිර්වාද කළහ.

ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ වැදි ප්රජාවේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.





