දරුවන්ගේ සෞඛ්‍ය රැකගන්න අමාත්‍යාංශයෙන් නව මාර්ගෝපදේශ – ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලා වෙතින් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: දරුවන්ගේ යහපත් ආහාර පුරුදු සහ සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

විශේෂයෙන් පෝෂණ සතිය ඇරඹීමත් සමඟ දරුවන් තුළ යහපත් ආහාර රටාවක් වර්ධනය කිරීම වෙනුවෙන් එම මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ අනුව අහිතකර මේදය, සීනි,කෘතීම රසකාරක සහ ලුණු සහිත ආහාර ගැනීම තුළ දරුවන්ගේ සෞඛ්‍යයට සිදුවන හානිය එමඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව පාසල් ආපන ශාලා තුළ අලෙවිය කළ හැකි ආහර සඳහා සීමා පැනවීම සිදුව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි අහිතකර මේදය සහිත හා ට්‍රාන්ස්මේදය අධික ආහාර, සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස්මේදය අධික ආහාර ළමා සෞඛ්‍යයට ඉතාම අහිතකර වෙයි.

හැම්, සොසේජස් බේකන් වැනි පිරි සැකසුම් කළ මස් වර්ග, පැටිස්, පැස්තා, පෆ් වර්ග, රෝල්ස්, සමෝසා, බැදපු අර්තාපල් ඇතුළු ගැඹුරු තෙලේ බැදපු ආහර මෙන්ම චොක්ලට්, ඩෝනට්ස් වැනි අධික ලෙස පිරි සැකසුම් කළ ආහර වර්ග, කෝලා වර්ග, කෘතීම පලතුරු බීම වැනි සීනි අධික ආහාර සහ පැණි බීමද මෙම අහිතකර ආහාර කාණ්ඩයට ඇතුලත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...