කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්ය ලේකම් Ghadir Nezamipour මහතා හමු වී තිබෙනවා.
ඒ ඊයේ (22) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී.
පාකිස්ථානයේ සහ කටාර් රාජ්යයේ සහාය ඇතිව ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව සාකච්ඡා පැවැත්වීම සහ මීළඟ සාකච්ඡා යාන්ත්රණය පිළිබඳ එකඟතාවයට පැමිණීම චීනය පිළිගන්නා බව Wang Yi මහතා ප්රකාශ කළා.
ඉරානයේ පුළුල් උපායමාර්ගික හවුල්කාරී රටක් ලෙස චීනය, සාමය වෙනුවෙන් ගන්නා වූ සියලු උත්සාහයන්ට මෙන්ම ඉරානයේ ස්වෛරීභාවය,ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීමට ද සහාය දෙන බවත් ඔහු පැවසුවා. එමෙන්ම චීනය තම ක්රමවේදයට අනුව ආධාර සැපයීම අඛණ්ඩව සිදුකරගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළා.
සාමය ප්රවර්ධනය කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට චීනය දරන අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් Nezamipour මහතා මෙහිදී සිය හෘදයාංගම කෘතඥතාව පළ කර තිබෙනවා.
මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ කරුණු හතරකින් යුත් යෝජනාව ඔහු බෙහෙවින් අගය කළා.
ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමේ පළමු අදියර ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සහතික කිරීමට චීනය සහාය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ඉරානය එකම චීනය යන මූලධර්මය දැඩිව පිළිපදින බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.
දිනුෂි ධීරසිංහ


