කොළඹ LNW:දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්ය ප්රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේය.
අමාත්යවරයා මේ බව පැවසුවේ අද (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදීය.
එම පනත වෙනුවට වර්තමානයේ ශීඝ්රයෙන් වර්ධනය වන සංවිධානාත්මක අපරාධ ජාලයන් මර්දනය කිරීම සඳහා නව ශක්තිමත් පනතක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බවත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත අතීතයේ එක්තරා නිශ්චිත කාලවකවානුවක අවශ්යතාවන් මත ගෙන ආ එකක් හෙයින් වර්තමාන අපරාධ රැල්ල ඊට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බවත් ඔහු සඳහන් කරන ලදී.
“ඒ පනත අහෝසි කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපේ රටේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ශක්තිමත් පනතක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. දැනට අපිට තිබෙන්නේ PTA නිසා PTA එක අනුව කටයුතු කරන්න සිදුවෙනවා. නමුත් අපේ බලාපොරොත්තුව PTA එක අහෝසි කරන්න. මේ වර්ධනය වෙමින් පවතින සංවිධානාත්මක අපරාධ ජාලය අලුත් තාක්ෂණය උපයෝගී කරගෙන ජාත්යන්තර විහිදුණු අපරාධ ජාලයක් අපේ රටෙත් පවතිනවා. ඒකට මුහුණදෙන්න ඕනේ. ඉතින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ එක්තරා කාලයක. දැන් ඊට වඩා එහාට ගිහිල්ලා සංවිධානාත්මක අපරාධ පිළිබඳව නීතිය ක්රියාත්මක කරන්න ඕනේ” යනුවෙන් ඇමතිවරයා සඳහන් කළේය.


