තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් තනතුරින් ඉවතට !

Date:

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා ඊයේ (16) දිනයේ සිට එම තනතුරින් ඉවත් කර තිබේ.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව තමන්ව එසේ තනතුරින් ඉවත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

ඊයේ උදෑසන තමන් සේවයට වාර්තා කළ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ව අමතා නව සභාපතිවරයකුට වැඩ භාරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස දැනුම් දුන් බවයි හෂාන් දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව එම මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ ඩබ්ලිව්. එම්. බී. වීරසේකර මහතා ඊයේ දිනයේදීම එහි සභාපති ධුරයෙහි වැඩ භාරගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය