මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති

Date:

ආසියානු ශූරතාවය දිනා නැවත මව්බිමට පැමිණි දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් සිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩිකාවන්ටත් වඩා කැපීපෙනෙන අන්දමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම සම්බන්ධයෙන් සමාජ ජාලා මාධ්‍ය හරහා දැඩිලෙස විවේචන එල්ල විය. එපමණක් නොව හාස්‍යයටද ලක්විය.

රෝහණ දිසානායක මහතා ක්‍රීඩා රාජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේද ඊට දින කිහිපයකට ඉහතදීය.

පාසල් කාලයේ සිට තමා විවිධ ක්‍රීඩාවල නිරත වූ බවත්, ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු සිදුකර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි. ඒ අනුව ක්‍රීඩාව බාර රාජ්‍ය ඇමතිවරයා ලෙස දැල්පන්දු ශූරියන් පිළිගැනීමට තමාට අයිතියක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාසල් කාලයේදී පාපන්දු, හොකී, ක්‍රිකට්, මළල ක්‍රීඩා, ටේබල් ටෙනිස් ඇතුළු ක්‍රීඩාවල නිරත වූ බවත් පාසල් කෙඩෙට් කණ්ඩායම නියෝජනය කළ බවත් දිසානායක මහතා පවසනවා. එපමණක් නොව මාතලේ දිස්ත්‍රික්කය තුළ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියක් සංවිධානය කළ බවද ඔහු පෙන්වා දෙනවා.

ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන්ද අත්දැකීම් ඇති බවත්, වසර දෙකක් ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපතිවරයා ලෙස හා වසර දෙකක් ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

තමා ගැන මේ කිසිවක් නොදන්නා පුද්ගලයන් එල්ල කරන විවේචනවලින් පසුබට නොවන තමා ඉදිරියටද ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...